අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය 1865 මැයි 17 දින පැරිසියේ දී ප්‍රංශ රජයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ටෙලිග්රාෆ් සංගමය නමින් ආරම්භ විය. 1934 දී අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය බවට පත්වී 1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
• අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය "විදුලි සංදේශ ලෝකයක් ගොඩනැගීම" සඳහා ගෝලීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් ප්‍රදර්ශන හ සංසද සංවිධානය කරමින් ආණ්ඩු නියෝජිතයන්, විදුලි සංදේශකයන්, විදුලි සංදේශ ක්ෂේත්රයේ නියැලි පුද්ගලයන් හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විශේෂඥයන් සමග විදුලි සංදේශ ක්ෂේත්රයේ දැනුන හා තාක්ෂණ වෙනස් කිරීම කරනු ලබයි. ආණ්ඩුවල හා පෞද්ගලික අංශයන්හි ලෝක විදුලි සංදේශ සේවා ජාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ ගැටලු පිළිබඳව සැළකිල්ල යොමු කිරීම අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය ප්‍රධානතම වගකීම වේ. මෙයට අමතරව
• ගුවන් විදුලි තරංග සඳහා ගෝලීය අවකාශය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධීකරණය කිරීම
• චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ ආරෝපණය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම.
• සංවර්ධනය වන ලෝකයට අවශ්‍ය විදුලි සංදේශ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීම.
• ලොව පුරා භාවිතයට ගනු ලබන තාක්ෂණයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම හා සම්බන්ධීකරණය සඳහා උපකාර කිරීම.
මෙම කටයුතුවලට අමතරව ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමය විසින් පහත සඳහන් කෂේත්රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් සපයනු ලබයි.
• බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා
• රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ නවතම පරම්පරා හඳුන්වා දීම.
• ගගනගාමී සහ සමුද්‍රාශ්‍රිත යාත්‍රා සඳහා සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම.
• තාරකා විද්‍යාත්මක ගුවන් විදුලිය තරංග හඳුන්වා දීම.
• චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් කාලගුණ විද්‍යා තොරතුරු
• ස්ථාවර හා ජංගම දුරකතන සම්බන්ධ කිරීම.
• අන්තර්ජාල පහසුකම්
• දත්ත
• හඬ
• රුපවාහිනි ප්‍රචාරය
• අනාගත පරම්පරාවට අවශ්‍ය ජාන සම්බන්ධතා යන ක්ෂේත්රයන්හි ක්‍රියාත්මක වේ.
අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්ථානගත කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධාන පවුලට අයත් සාමාජික ආයතනයකි. සංගමයේ සාමාජික රටවල් 193 ආහ ආශ්රිත සාමාජිකයන් 700 පමණ සමන්විත වේ. ආශ්රිත සාමාජික සංඛ්‍යාව 2000 දී 600 විය.
අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමයේ අංශයන්
1. ගුවන් විදුලි සංදේශනය
2. ප්‍රමිතිකරණ අංශය
සංවර්ධනය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය ස්ථාපිත කිරීමට උපකාරී වන උපකරණ, තිරසාර සහ ව්‍යාප්තිය උදෙසා කටයුතු කරයි. අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන ගෝලීය තොරතුරු සන්නිවේදන තාක්ෂණික ප්‍රදර්ශනය අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන තරගාවලියයි.
නෛතික රාමුව
අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමයේ ව්‍යවස්ථාව ලෙස භාවිතයට ගනු ලබන්නේ 1865 දී පැවති තානාපති සමුළුවේ දී අන්තර්ජාතික ටෙලිග්රාෆ් සංගමය සඳහා අනුමත කරවාගත් ලේඛනයයි.
නායකත්වය
අධ්යක්ෂ ජනරාල් ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා වේ. සංගමයේ තානාපති සමුළුවේ දී සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිත ඡන්දයෙන් වසර 4 සඳහා අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබේ. 1969 සිට 1949 දක්වා අධ්‍යක්ෂවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අතර සියලුන අධ්යක්ෂවරුන් ස්විට්සර්ලන්ත ජාතිකයන් විය.
ආරම්භක අධ්යක්ෂ 1869-1872 ලයුෆ් කුර්චර්ච් (Louis Curchoch) ආයතනයේ ප්රතිව්යුහකරණයෙන් පසුව 1950-1953 අතර කාලය තුළ ප්‍රථම ලේකම් ජනරාල්වරයා ලෙස ප්‍රංශ ජාතික ලියෝන් මුල්ටර් (Leon Multar) කටයුතු කර ඇත. 2014 වන විට ලේකම් ජනරාල්වරු 9ක් මෙම ධුරයේ කටයුතු කර ඇත.
නයුමිකා අනුරාධිනි පිළියන්දල
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
1 comment:
Ela ela..👌👌👌
Post a Comment