*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...***

Tuesday, August 13, 2019

විසුළ සිහින

මේඝ වළාකුළු යහන පුරා...
බින්දු බින්දු සිසිලසෙන් වෙළා...
මං මාවත් නැහැ එකලු වෙලා...
මුමුණන හදවත් නිසල වෙලා...

සයුරු තෙරක පිරි සිහින සොරා..
වෙරළ සිප හමන සුළඟ වෙලා...
ආලය මනරම් ගතින් වෙළා...
සුහද හදවතක් පාලු වෙලා...

නදී ගඟක් දුර බසී ගලා...
මන්දාරමකට අඳුර තියා...
හීනි වැහි පොදේ පාවුණු හැඟුමන්...
රෝස මලක පෙති විසුණු කළා...

Thursday, August 1, 2019

ඔබත් ආදරයෙන් පැරදුණාද?

මිනිස්සු ආදරේ තෝරගන්නේ ජීවිතේ විඳින්න... ඒ අස්සේ තමන්ගේ ආත්මය සුවපත් කරගන්න... කියාගන්න බැරි මොකක්දෝ අමුතු හැඟීමක් පපු කැවුත්ත ඇතුළේ කැකෑරෙනකොට මිනිස්සු ඒ හැඟීම වෙනුවෙන් සටන් කරනවා... සටන් කරලා සටන් කරලා තමන්ගේ ආදරේ තමන්ගේ ජීවිතේම කරගෙන ජීවත් වෙනවා... හුස්ම ගන්න වාරයක් පාසා ආදරේ කරනවා... ඒ හුස්මට ආදරය ඇතුළේ ලොකූ වටිනාකමක් දෙනවා... දෙමව්පියන්ගෙන් පස්සේ ජීවිතේ ලොකුම තැන ආදරේ වෙනුවෙන් වෙන් කරනවා...

මෙච්චර කැප කිරීම් කරලාත් ඒ ආදරේ තමන්ගේ ඇස් ඉස්සරහාම තව කෙනෙක්ගේ වෙනවා දකිනකොට ඒ ආත්මයම පිච්චෙනවා... ජීවිතේ විඳින්න පුලුවන් උපරිම ගින්දර ආදරේ පුරවගත්තු පපු කැවුත්ත ඇතුළෙන්ම විඳිනවා... අඬනවා... වැළපෙනවා... දැන් ඒ ජීවිතේම මානසික, කායිකව කඩන් වැටිලා...

මේ සිස්ටම් එක ඇතුළේ මෙච්චර boot සිංදු කියවෙන්නේ මේ හින්දාදෝ කියලාත් මට හිතෙනවා... පිටට නොපෙන්නුවාට මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ ඇඬීම් වැළපීම් කොච්චර නම් ඇත්ද... මිනිස්සු කොච්චර පිච්චෙනවා ඇත්ද... අපි කිව්වාට සිංදුවක් ඇහුවොත් ඇත්නම් වැළපෙනවා කියලා ඒ හිත ඇතුළේ කාටවත්ම කියන්න බැරි හැඟීම් කොච්චර නම් ඇත්ද? උඹ වටේ ගිහින් වරෙන් මං බාර ගන්නම් කියන එක අපිට විහිලුවක් උනාට ආදරේ කරපු ඒ වේදනාව විඳපු මනුස්සයගේ පපුව ඇතුළේ තාමත් ඒ ආදරේ වෙනුවෙන් ‌ක‌ොච්චර ඉඩක් ඉතුරු වෙලා ඇත්ද???

හැබැයි එක තැනක් එනවා ඔය හැම දේම තේරුම් අරන් ජීවිතේ අනවශ්‍ය දේවල් අයින් කරලා දාලා ජීවිතේ restart කරන්න... අන්න එදාට ඔය හැම බොරුකාරයෙක්ම පරාදයි බං... උඹ boot කාපු එකෙක් නම් දැන් උඹේ හදවතට තට්ටු කරලා අහපන් උඹව දාලා ගියේ උඹව එපා කෙනෙක්. උබේ අගයක් නැති කෙනෙක්... දැන් උඹ උඹ වෙයන්... උඹ උඹෙන් ජීවිතය ඉගෙනගනින්... කාටවත් ඕනි විදියට කාගෙවත් රටාවකට හැඩගැහුණු උඹ දැන් උඹේ රටාවක් හදාගෙන උඹට ඕනි විදියට හැඩ ගැහෙන්න පුරුදු වෙයන්... මචං ජීවිතේ කියන්නේ අපි කොච්චර කළත් අපිව දාල යන උන්ගේ පස්සෙ වැටිලා උන්ගේ මත්තෙ මැරෙන එකවත් උන්ගේ නාමෙට අපේ අම්මා අප්පච්චි හදලා දුන්නු ජීවිතේ කඩාගන්න එකවත් නෙමෙයි බං...

දැන් ඔය පරණ කෙහෙල් පොත්තයි, නගර සභාවයි, ප්‍රාදේශීය සභාවයි පැත්තකට දාපන්. කෙහෙල් පොත්ත පාගලා  dustbin එකට දාපන්. දාලා උඹ උඹේ mind එක restart කරපන්. ජීවි් විඳපන්... උඹට ආස විදියට ඇඳපන්. උඹට ඔ්නි තැන්වල ඇවිදපන්. උඹේ හීන හැබෑ කරගන්න වැඩ කරපන්... ඌ වෙනුවෙන් ඒකි වෙනුවෙන් උඹ අත ඇරපු හීන ආයෙ උඹේ කරගෙන ඒ වෙනුවෙන් වැඩ කරපන්... උඹ දන්නේම නැතුව උඹ එයි බං ඉස්සරහට...  අම්මා තාත්තාගේ හීන වෙනුවෙන් වැඩ කරපන්... ඌ, ඒකි උඹෙන් ගත්තු ජීවිතේ. පුච්චපු උඹේ හීන උඹ ආයේ උඹේ කරගනින්... අන්න එදාට උඹ ගාව හැංගිලා ඉන්න උඹේ වීරයා, වීරවරිය එළියට එයි... එදාට උඹට සතුටු වෙන්න පුලුවන් වෙයි උඹේ ජීවිතේ උඹ වෙන කාටවත් limit දාන්න ඉඩ නොදී පරිස්සම් කරලා තියාගත්තු එකට... උඹව කඩන් වැට්ටුවාට උඹ දිනපු දාට හිතෙයි උඹ ඒකෙන් කොච්චර strong වුණාද කියලා...

උඹේ වටේ ඉන්න මිනිස්සු කියන කතා උඹට දාන limit උඹේ ජීවිතේට ළං කරගන්න එපා බං. උඹ කඩන් වැටෙන තැනදි ඔය කවුරුත් උඹට නෑ... කාටවත් වචනයක් කියන්න බැරි විදියට උඹ නැගිටපන්... හැබැයි තනියෙන්...

"උඹට ජය!💪💪💪"

~~~අනුවා~~~