උඹ ළඟට ආ උන් තරම් මගේ හැඩක් නැති වෙන්නැති...
හැර යන්න මං නොමැතිව ඔබ බෝම ළතවෙන්නැති...
දිනෙන් දින මගේ සෙනෙහස ඔය හිතට වද දෙන්නැති...
ඉදින් ඔබ නොකියාම මේ හිතට බර වෙන්න ඇති...
ඔබ පැළඳු රන් මුදුව තවත් ඇත අත වෙළා...
ඔබේ හැම හාදුවෙන් ඇත මුව ම ගොලු වෙලා...
ගෙවූ තත්පර ගණන් මගේ මතක පාරලා...
හිමි සඳුනි යයි ගලන් කඳුළු කැට විසිරිලා...
පෙරුම් පිරු අතීතය දස අතම සැරිසරා...
ඔබේ හුස්ම සොයනවා මග බලන් වැළපිළා...
මගේ සෙනෙහේ මදි වීද ගියේ ඔබ දුර බලා...
කොටු දොළොස සරදමක් කළා මට වෙස් වළා...
කිරි වෙහෙරෙ මලුවේදී බුදු හිමිට මල් පුදා...
පැතූ සිත ආදරෙන් මගේ වෙන්න සිත තියා...
තියා ඔබ හාදුවක් නළලතට මෘදු එදා...
සපත කෙරුවා මැනික ඔබෙ විතරමයි කියා...
හිනැහෙන්න නෑ මතක ඔබේ මුවම මැවෙනවා...
තබන හැම පියවරම ඔබ ඇතැයි සිතෙනවා...
විඳවන්න ඉතිරි කළ කඳුළකට බර වෙලා...
මග බලමි කෙදින හෝ ඔබ එතැයි සිත සිතා...
බලන හැම අත ඇත්තේ ඔබේ මතක පිරිවරා...
මතකයිද ආදරෙයි මගේ පණට කියු නියා...
රළු බොරලු මාවතේ හිමින් යමු කියු ඔයා...
අද තනිව යනු බලා මගෙ දෙතොල් මැලවුනා..
උඹේ රන් කාසිවලට වහ වැටෙන උන් ඇතී...
උඹ කාසිවල බලෙන් උන්ව නළවන්නැතී...
මා පෙම් කළේ ඒවාට නොවන බව දන්නැතී...
හිමි සඳුනි අද ඇතත් හෙට නැතිම වෙනු ඇතී...
ආදරෙන් ඔබෙ වෙන්න හීන මැවු තනි හිතින්...
මවන්නට සිනහවක් ඔය මුවේ ආදරෙන්...
වැළඳගෙන සිපගන්න සිතූ මට ඔය මුවෙන්...
කියවුනා වචන පොදි පල මගේ ලෝකයෙන්...
තව ඔබට මේ හිතක කිසිම දා නෑ මගක්...
යන්න ඔබ ගිය දුරක එපා ඔය හුළඟවත්...
නෑ තවත් ළතැවුලක් අහිමි වූ ඔය සෙනෙන්...
ජීවිතේ මග කියූ බොහෝ දේ ඇත තවත්...
Monday, July 22, 2019
Subscribe to:
Post Comments (Atom)
-
”නමෝ මරියනි ප්රිය ප්රසාද පූර්ණ වන්තයිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය” ‘ආමේන්’ එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා...
-
බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ...
-
මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා... අන්තේට ම වැටිලා හිටියත් හිතින් අල්ලන් ගතින් නැගිටින්න කාගෙන දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා... උප...

No comments:
Post a Comment