උඹ ළඟට ආ උන් තරම් මගේ හැඩක් නැති වෙන්නැති...
හැර යන්න මං නොමැතිව ඔබ බෝම ළතවෙන්නැති...
දිනෙන් දින මගේ සෙනෙහස ඔය හිතට වද දෙන්නැති...
ඉදින් ඔබ නොකියාම මේ හිතට බර වෙන්න ඇති...
ඔබ පැළඳු රන් මුදුව තවත් ඇත අත වෙළා...
ඔබේ හැම හාදුවෙන් ඇත මුව ම ගොලු වෙලා...
ගෙවූ තත්පර ගණන් මගේ මතක පාරලා...
හිමි සඳුනි යයි ගලන් කඳුළු කැට විසිරිලා...
පෙරුම් පිරු අතීතය දස අතම සැරිසරා...
ඔබේ හුස්ම සොයනවා මග බලන් වැළපිළා...
මගේ සෙනෙහේ මදි වීද ගියේ ඔබ දුර බලා...
කොටු දොළොස සරදමක් කළා මට වෙස් වළා...
කිරි වෙහෙරෙ මලුවේදී බුදු හිමිට මල් පුදා...
පැතූ සිත ආදරෙන් මගේ වෙන්න සිත තියා...
තියා ඔබ හාදුවක් නළලතට මෘදු එදා...
සපත කෙරුවා මැනික ඔබෙ විතරමයි කියා...
හිනැහෙන්න නෑ මතක ඔබේ මුවම මැවෙනවා...
තබන හැම පියවරම ඔබ ඇතැයි සිතෙනවා...
විඳවන්න ඉතිරි කළ කඳුළකට බර වෙලා...
මග බලමි කෙදින හෝ ඔබ එතැයි සිත සිතා...
බලන හැම අත ඇත්තේ ඔබේ මතක පිරිවරා...
මතකයිද ආදරෙයි මගේ පණට කියු නියා...
රළු බොරලු මාවතේ හිමින් යමු කියු ඔයා...
අද තනිව යනු බලා මගෙ දෙතොල් මැලවුනා..
උඹේ රන් කාසිවලට වහ වැටෙන උන් ඇතී...
උඹ කාසිවල බලෙන් උන්ව නළවන්නැතී...
මා පෙම් කළේ ඒවාට නොවන බව දන්නැතී...
හිමි සඳුනි අද ඇතත් හෙට නැතිම වෙනු ඇතී...
ආදරෙන් ඔබෙ වෙන්න හීන මැවු තනි හිතින්...
මවන්නට සිනහවක් ඔය මුවේ ආදරෙන්...
වැළඳගෙන සිපගන්න සිතූ මට ඔය මුවෙන්...
කියවුනා වචන පොදි පල මගේ ලෝකයෙන්...
තව ඔබට මේ හිතක කිසිම දා නෑ මගක්...
යන්න ඔබ ගිය දුරක එපා ඔය හුළඟවත්...
නෑ තවත් ළතැවුලක් අහිමි වූ ඔය සෙනෙන්...
ජීවිතේ මග කියූ බොහෝ දේ ඇත තවත්...
Monday, July 22, 2019
Thursday, July 18, 2019
Sunday, July 14, 2019
ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය
ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය ගැන ඔබ අහලවත් තියෙනවද?
මම හිතන්නේ නෑ. හැබැයි නුවරඑළියේ සංචරයට එනව නම් ඔබ මේ සුන්දර වනපෙත ගැන දැන සිටිනවා නම් අනිවාර්යයෙන්ම පොඩි වෙලාවක් එය නරඹන්න වෙන් කරගනී.
ගැල්වේස් ලෑන්ඩ් (Galway’s Land) ජාතික වනෝද්‍යානය කියන්නේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි වනාන්තරයක්. ජාතික වනෝද්‍යානයක් කිව්වම වැඩි දෙනෙක් දන්නෙවත් නැහැ නුවරඑළියේ එහෙම එකක් තියනවා කියලා. වැඩිපුර ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවේ කොයි වනෝද්‍යානයත් පරදන තරම් සුන්දර බවක් මේ පුංචි වනාන්තරයේ තියෙනවා. මෙතනට ටවුමේ ඉඳන් එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හැව්ලොක් පාර, අනික ඉහළ වැව පාර. (අපර් ලේක් රෝඩ් – Upper Lake Road කිව්වම තමයි වැඩි දෙනෙක් දන්නේ) මේ දෙකෙන් හැව්ලොක් පාර දිගේ එන එක තමයි වඩාත් පහසු. වාහනයකින් එන්නත් පුළුවන්, හැබැයි වෙලාව තියෙනවා නම් හොඳම වැඩේ පයින් ඇවිදගෙන හෝ අපි වගේ බයිසිකලයක එන එක. වාහනයක එනවට වඩා ඉතා හොඳට පරිසරය විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි.
කලිනුත් කිව්වානේ මේක පුංචි වනාන්තරයක් කියලා. ප්‍රධාන වන වැස්ම තියෙන්නේ අක්කර 22ක් වගේ පොඩි ප්‍රමාණයක විතරයි. උඩු රෝපණය වගේම යටි රෝපණයත් ඝනව පැතිරිලා තියෙනවා. වැහි කාලෙට ඉර එළිය නොවැටෙන තරමටම උඩු වන වැස්ම ඝනව වැවෙනවා. ඒ නිසාම යන්තම් හවස් වේගෙන එන වෙලාවේදී වුණත් මේ වනෝද්‍යානය ඇතුලේ තියෙන්නේ මද අඳුර පිරුණු නිස්කලංක පරිසරයක්. කිලෝ මීටර් දෙකක විතර සකස් කරපු අඩි පාරක් මේ වනාන්තරය හරහා වැටිලා තියෙනවා. වටපිට බලන්න නැවතිලා යන්නේ නැතිනම් පැය භාගයක් යන්නත් කලින් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එන්න පුළුවන්. කිසිම බාහිර සද්දයක් නැති, කලබලකාරී කමෙන් මිදුණු මේ අඩිපාරේ ඇවිදින එක ස්වභාව ධර්මයට ප්‍රිය කරන කාටත් ඉමිහිරි අත්දැකීමක්.
මේ අඩි පාර හරහා ඇවිදගෙන යන අතර මගදී ඔබට හමු වෙන සතුන් ගැන තොරතුරු අඩංගු පුවරු ගණනාවක් දකින්න පුළුවන්. ගැල්වේස් ලෑන්ඩ් අභය භුමියේ ලංකාවට ආවේණික සතුන් කිහිප දෙනෙක්ම දකින්න ලැබෙනවා.
වෙනත් කුරුළු වර්ග ගණනාවකට අමතරව ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා කියන අපේ රටට ආවේණික කුරුල්ලාවත් මෙහිදී ඔබට දැක ගන්න අවස්ථාව තියෙනවා. කුරුල්ලන් නම් නිතර දකින්න ලැබුණත් වෙනත් සතුන් දකින්න ලැබෙන්නේ ටිකක් කලාතුරකින් තමයි. මේ උද්‍යානයට එන වැඩි දෙනා නගන මැසිවිල්ලක් තමයි කිසිම සතෙක් දකින්න ලැබුණේ නැහැ කියන එක. ඔබට වාසනාව තියෙනවා නම් මේ උද්‍යානය ඇතුලේ ඉන්න නා නා ප්‍රකාර සතුන් ගණනාවක් දැක ගන්න පුළුවන් වේවි, නිතරම තියෙන වැසි සහිත කාලගුණයයි, අඳුරයි නිසා ඇතුලේ ඉන්න සත්තු දකින්න තරමක් අපහසුයි. කණ්ඩායමක් විදිහට යනවා නම් වැඩිය සද්ද නොකර යන්න බලන්න. කොහොම වුණත් කුරුල්ලන් එහෙම නම් ඕන තරම් දකින්න පුළුවන්.
ගැල්වේස් ලෑන්ඩ් වන රක්ෂිතය නුවරඑළිය ප්‍රදේශයේ තියෙන ලොකුම වනාන්තරයවත් නෙවෙයි. හැබැයි මේ නිස්කලංක පරිසරය තුලින් වැටිලා තියෙන අඩිපාර දිගේ ඇවිදගෙන යන එක ඉතාම සුන්දර අත්දැකීමක්. නගරයට ඇවිදින දුරක තිබුණත් වැඩි දෙනෙක් එන්නේ නැති නිසා කිසිම වෙලාවක නගරේ තියෙන ඝෝෂාකාරී ගතිය මේ පැත්තට දැනෙන්නේ නැහැ.
මේකට වැඩි දෙනා නොඑන්න හේතු වෙන තවත් කරුණක් තමයි අය කරන මුදල. ශ්‍රී ලංකාවේ කෙනෙකුට රුපියල් 40ක් වගේ පුංචි මුදලක් අය කෙරුණත් නුවරඑළියට වැඩිපුරම එන විදේශික අයට මේ පාරේ ඇවිදගෙන යන්න ඩොලර් 10ක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් විදේශිකයන්ගෙන් මේ වගේ ලොකු අය කිරීමක් කරන එක ලංකාවේ කොයි සංචාරක ආකර්ෂණයේත් දකින්න තියෙන දෙයක් නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ. (පිටරට යාලුවෙක් එක්ක තැනකට යනවා නම් ඒ ගැන කියන්න දෙයක් එහෙමත් සුදානම් කරගෙන යන එක වැඩිය හොඳයි.) අයකිරීම කොතරම් වැඩි උනත් විදේශිකයන් මේ වන අසිරි විදින්න තවත් හේතුවක් තියෙනවා. පෙද-පාසි වලින් ගැවසුණු රමනීය රුක්ගොමු අතරින් එන ඒ සිහිලැස වෙන කොහේදිවත් ඒ ආකාරයට ලැබෙන්නේ නෑ. ඔබට පේනවා ඇති ඒ වනපෙතේ ඇති නැවුම් බව කොපමණද කියලා.
කොහොම වුණත් ලංකාවේ කෙනෙක්ට නම් තමන්ගේ නුවරඑළිය ගමනට අලුත් අත්දැකීමක් එකතු කරගන්න මේ ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය හොඳම තැනක්. එහෙනම් නුවරඑළියේ ආපු වෙලාවක ගැල්වේස් ලෑන්ඩ් වන රක්ෂිතය නරඹන්න අමතක කරන්න එපා.
උපුටාගැනීමකි...

Subscribe to:
Comments (Atom)
-
ජීවිතේ කවියක් තනිකමත් ඔසුවක් හීන දකින්න පණ පොවන සොඳුරුතම වදනක්... ආදරය හුස්මක් දැනෙන එක හැඟුමක් විටින් විට කකියනා පණ තියෙන රිදුමක්......
-
”නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තයිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය” ‘ආමේන්’ එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා...
-
අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන සිංහල දීපයේ එක ම රහස් ආරක්ෂිත භූමිය ලෙස පුරාණයේ සිට ම පැවත එන්නකි කොත්මලේ. අදටත් පෞරාණික රහස් රාශියක්...