අන්තේට ම වැටිලා හිටියත් හිතින් අල්ලන් ගතින් නැගිටින්න කාගෙන දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
උපරිමේට ම ඉගෙන ගෙනත් රස්සාවක් නැතුව අත්වල කරගැට එනකන්, කොන්ද කුදු වෙනකන්, හම කලුගැහිලා රැලි වැටෙනකන්, කුලී වැඩ කරලා තමන්ගේ ළමයින්ට උගන්නන්න කැපකිරීම් කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
තමන්ගේ කසාද මිනිහා මේ ලෝකේ දාලා ගියත්, දෙපයින් නැගිටලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් අනන්ත කැපකිරීම් කරලා ඒ දරුවන්ගේ අනාගතය හදන්න හැම තප්පරයක් ගානේ ම කට්ට කන ගෑනු මේ ලෝකේ ඉන්නවා...
නැති වුණු හැමදේම අතීතයට ම බාරගෙන ඕන කුදයක් ගහගන්න කියලා, වැටිච්ච තැනින් ම නැගිටලා ජීවිතේ උපරිම සාර්ථක කරගන්න හුස්ම වැය කරපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
නැති වුණු අතපය හයියක් කරගෙන මොළේ වෙහෙසලා, අතපය තියෙන උන්ටත් වඩා ඉස්සරහට යන, ඉස්සරහට ගියපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා....
තමන්ට තියෙන රුපියලත් තව කෙනෙක්ට දීලා සතුටු වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
එක වචනෙකින් මනුස්සයෙක්ගේ හිත සුවපත් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
ඒ ඔක්කෝම අතරේ...
මනුස්සයෙක් අමාරුවෙන් එක අඩියක් ඉස්සරහට තිබ්බත් ඒක දිහා බලන් ඉන්න බැරි මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
ඒ අතරේ අනුන්ගේ දේත් තමන්ගේ කරගන්න මූණ පුම්බන් දින ගනින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
තමන් අනුන්ට මොන දේ කිව්වාත්, තමන්ට කියන එක වචනෙකට ලෝකේ ම පෙරළන් සාප තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
තමන්ගේ ඇහේ පොල් පරාල සීයක් තිබ්බත්, අනුන්ගේ ඇහේ තියෙන එක ම එක පුංචිම පුංචි පොල් කෙන්ද ගිනි කන්දක් කරන් ලෝකේ ම ගිනි තියන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
තව එකෙක්ගේ සතුට දිහා දැකලා උඩින් හිනා වෙලා යටින් දෙස් දෙවොල් තියන, කාගෙන ඉන්න බැරි අමනුස්සයෝ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
ඉතින්,
තව එක එක විදියේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ හැමෝට ම ඕනි විදියට නෙමෙයි, තමන්ට ඕනි විදියට තමන්ගේ සතුට, කැමැත්ත හොයන් පලයන්... හැබැයි හරි දේ කරපන්...
ඉස්සෙල්ලා උඹ, උඹ කවුද කියලා තේරුම් ගනින්... ( Who you are???? )
දෙවනියට, උඹට කරන්න පුළුවන් දේ තේරුම් ගනින්... උඹේ කැමැත්ත තේරුම් ගනින්... උඹ ආස දේ තේරුම් ගනින්...
අන්තිමට, උඹේ ඒ කැමැත්ත, ආසාව, දක්ෂතාවය මත හරි ම දේ කරපන්... හරි මෙ දේවල්වලිනුත් හරි ම දේ... එක තිතක, කොමාවාකවත් වරැද්දක් නැති තරමට...
කිසිම කෙනෙක්ගෙන් හාල් ඇටයක්වත්, රුපියලක්වත් බලාපොරොත්තු නොවී, උඹට තියෙන වී ඇටෙන්, සතෙන් පටන් ගනින්...
දවසක උඹ සතුටු වෙයි...
අර කිව්ව මිනිස්සු කෝටිගාණක් අතරේ, උඹ උඹ ම වෙලා උඹේ ගමන උඹ ඉහළට ම ගිය එක ගැන...
එක එකාගේ, සොච්චම් වටින්නැති වචනවලට උඹ සැලුනේ නැති එක ගැන...
වට්ටන්න හදපු මිනිස්සු පරදලා උඹ ජීවිතේ දිනපු එක ගැන...
අපතේ යවන්න එපා තත්පරයක්...
පටන් ගනින්...
මේ තප්පරෙන්...
මම අනූ...
